ඔබත් විශාදයෙන් පීඩා විදිනවා විය හැක ! සෑම අයෙක්ම කියවිය යුතු ලිපියක්




Image result for depression

විශාදය කියන්නේ බොහොම බහුලව දකින්න ලැබෙන මානසික රෝගී තත්ත්වයක්. ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන ආකාරයට 2020 දී ලෝකයේ මිනිසුන් වැඩිපුරම ප්‍රතිකාර සඳහා සඳහා යොමු වන්නේ මෙම රෝග තත්ත්වයටයි.
ලෝකය විතරක් නෙමේ ලංකාව ගත්තත් මේ වෙනකොට විශාල පිරිසක් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ රෝගයට ගොදුරු වෙලා ඉවරයි.දිගින් දිගටම සිතේ පැවතෙන දුක එහෙමත් නැත්නම් ආතතිය වගේම කාලයක් කැමැත්තෙන් කරපු දේවල් තවදුරටත් කරන්න ඇල්මක්, රුචිකත්වයක් නොදැක්වීම මේ රෝගයේ තියන ප්‍රධාන ලක්ෂණ විදිහට පෙන්නලා දෙන්න පුලුවන්.
මේ රෝගය කොච්චර භයානකද කියනවනම් රෝගීන්ට මේක උග්‍ර වෙනකන් තමන්ට රෝගයක් තියනවා කියලා තේරෙන්නේ නෑ..
සමහරවිට මේ වෙද්දි ඔබත් දන්නෙම නැතුව මේ රෝගයේ මූලික අවස්තාවක ඉන්නවා වෙන්න පුලුවන්..උග්‍ර අවස්තාවට ආවට පස්සේ සියදිවි හානි කරගන්න , තමන්ට හෝ අනිත් අයට ශාරිරික හිංසා කරන්න පවා දෙසැරයක් හිතන්නේ නැතුව පෙලඹෙනවා.
මේ Android App එක පාවිච්චි කරලා ඔයාලට පුලුවන් ඔයත් මේ රෝගයට ගොදුරු වෙලාද , එහෙමනම් කුමන අදියරද ඉන්නේ, මොනවද කරන්න ඕනෙ වගේ තොරතුරු දැන ගන්න

Get it on Google Play
විශාදය හැදෙන්න හරිම එක හේතුවක් කියන්න බැරි උනත් හේතු ගනනාවක් තියනවා මේ විශාදයට ආරම්බය දෙන..ඒවා තමා 
  • ජානමය බලපෑම
  • මොලයේ රසායන වෙනස්කම්
  • මන්දපෝෂනය
  • ශාරීරික ආබාද
  • මත්පැන්/ මත්ද්‍රව්‍යය
  • මානසික ආතතිය
මේ වගේ හේතු නිසා අපි ඕනම කෙනෙක්ට මේ රෝගය වැලදෙන්න පුලුවන්.මේ රෝගයේ අදියර කීපයක් අපිට හදුනා ගන්න පුලුවන්.ඔබ කුමන අදියරක ඉන්නවද කියලා ප්‍රශ්නාවලිය සම්පූරන කරලා බලාගන්න පුලුවන්.
  • Mild Depression - කියන්නේ මේ රෝගයේ මූලිකම අදියර..මේ තත්වයේ ඉන්න පුද්ගලයන් ප්‍රමානය ඉතාමත් විශාලයි..ඔවුන් ගොඩ දෙනෙක් දන්නෙත් නෑ තමන්ට මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියලා..මෙයාලට සමහර විට මේ රෝගය නිකන්ම හොද වෙලා යනවා.වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වෙන්නේ නෑ..හැබැයි සැලකිල්ලෙන් ඉන්න
  • Moderately Severe Depression - තරමක් වර්දනය උන විශාද ලක්ශන පෙන්නුම් කරනවා..මේ වෙද්දී තමා රෝගියාට ගොඩක් රෝගී හැගීම් දැනෙන්න ගන්නේ..මේ තත්වයේ ඉන්න කෙනෙක්ව වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න යොමු කරන්න ඕනේ..
  • Severe Depression - උග්‍ර විදිහට විශාදය වැලදීම මේ අදියරෙන් පෙන්නුම් කරනවා..ගොඩක් වෙලාවට අවසන් ප්‍රතිපලය සියදිවි හානි කරගන්න එක වෙන්න පුලුවන්..ඒ නිසා ඔබට හෝ දන්න අදුනන අයෙක්ට මේ ලක්ෂණ තියනවානම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න යොමු කරන්න ඕනේ..
මේක මානසික අවපීඩනය විදිහට හඳුන්වනවා. මෙයින් ඔබේ හැඟීම්, සිතුවිලි, හැසිරීම් වලට විවිධ බලපෑම් එල්ලවනවා වගේම ඔබට විවිධ භෞතික හා මානසික ගැටළු ඇති කරන්න සමත් වෙනවා. ඔබ එදිනෙදා වැඩ වැඩ කටයුතු වල නිරත වෙද්දී දුකක්, හිස් බවක්, තමන් පලක් නැති අයෙක් විදිහට හැඟෙන්න පුළුවන්. ඔබ කලින් ආශ්‍රය කල අයව එපා වීම, පවුල් සම්බන්දතා කඩා වැටීම වගේ දේවල් මේ රෝගයෙන් ලැබෙන ප්‍රතිපල. ඔබට කලින් තිබ්බ ප්‍රබෝධය, උනන්දුව නැති වෙන්න පුළුවන්.මනස එක තැනක තියාගන්න බැරි වෙන නිසා පාඩම් කරන වයසේ දරුවන්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මේවා සාමාන්‍ය ගැටළු කියලා හිතුනා වුණත් විශාදය කියන්නේ කිසිසේත්ම නොසලකා හැරිය යුතු රෝගයක් නෙවෙයි.  
මේ රෝගී තත්වය උත්සන්න උනොත් තම්න්ට හෝ අනිත් අයට ශාරීරික හිංසා කරන්න, සියදිවි හානි කරගන්න පෙලඹෙනවා..අද ලංකාවේ සියදිවි හානි අර ගැනීම් බහුලව සිදුවිමට එක ප්‍රධාන හේතුවක් වන්නේ මේ රෝගය..
මෙය ඖෂධ, මනෝ චිකිත්සාව හා දීර්ඝ කාලීන ප්රතිකාර මගින් ඉතා සාර්ථක ලෙස සුවකර ගත හැකියි.

Comments