විශාදය සුව කරන්න පුලුවන්ද?

 
විශාදය ගැන කරපු සමහර පරික්ෂණ වලින් හෙලි වෙලා තියනවා පරීක්ශනයට භාජනය කල මිනිසුන්ගෙන් 45%කට විතර මේ විශාදය කියන රෝගී තත්වය ඔවුන්ගේ ජීවිත කාලයේ කොතනකදී හරි තිබිලා තියනවා..ඒ වගේම දැන් දැන් සාමාන්‍යය ජනතාව අතරත් මේ රෝගය වැලදීමේ ප්‍රවනතාවය ඉහල යනවා..ඒ නිසා ඔබටත් යම් කිසි දවසක මේ රෝගය වැලදෙන්න ලොකු අවදානමක් තියනවා..

මේ රෝගය වැලදිලා කියලා හරි අවදානමක ඉන්නවා කියලා හරි අදුරගත්තොත් ඔයා ඉක්මනටම වෛද්‍ය උපදෙස් ලබාගන්න ඕනේ..වෛද්‍යවයරයා ඔබ ඉන්න රෝගී තත්වය සැලකිල්ලට අරගෙන ප්‍රති විශාද ඖෂධ හෝ මනෝ චිකිත්සාව හෝ වඩාත් උග්‍ර අවස්තාවකදීනම් විද්යුත් කම්පන ප්‍රතිකාර (ECT) හෝ නිර්දේශ කරයි.

විශාදය සුව කල හැකියි..නමුත් නැවත නැවත කලින්ට වඩා දරුනුවට හෝ සුලු වශයෙන් වැලදෙන්න පුලුවන් නිසා මේ ගැන නිරන්තරයෙන් අවදානයෙන් ඉන්න වෙනවා..ඒ වගේම මේ රෝගය සුව කරගන්න වෛද්‍යවරයා දෙන ප්‍රතිකාර වලට අමතරව ඔබට මේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුලුවන්..

  1. විශාදය පිලිබදව සහ එහි ප්‍රතිපල පිලිබදව හොද දැනුමක් ලබා තිබීම අත්‍යාවශ්‍ය වෙනවා..පොත් පත්, අන්තර්ජාලය මගින් වගේම මේ රෝගයට ගොදුරු වෙලා හෝ සුව වෙලා ඉන්න අයත් එක කතා කරලා මේ දැනුම ලබා ගන්න පුලුවන්
  2. විශාදයේදී මූලිකවම අපේ හිතට සෘනාත්මක හැගීම් එන්න ගන්නවා..මගෙන් කවටවත් වැඩක් නෑ, මැරුනනම් හොදයි වගෙ..අපිට මොනව හරි දෙයක් එපා උනාම තරහට මැරුනනම් හොදයි වගෙ හිතනවා වගේ නෙමෙයි විශාදයේදී ඇත්තටම ඒ දේ කරන්න ලොකු හැකියාවක් තියනවා..එ නිසා පුලුවන් තරම් මේ සෘනාත්මක හැගීම් අඩු කරන විදිහේ දේවල්, කලාව වෙන්න පුලුවන්, විනෝද චාරිකා වෙන්න පුලුවන් මේ වගේ දේවල් වලට යොමු වෙන එක හොදයි.
  3. ඔයාට සමීප කවුරු හරි එක්ක කතා කරලා හිතේ තියන ආතතිය සැහැල්ලු කරගන්න පුලුවන්
ඔය වගේ ක්‍රම ඔයාටම අනුගමනය කරන්න වෙනවා..මොකද  වෛද්‍යවරයා දෙන ප්‍රතිකාර වලින් පමනක් මේ රෝගය සුව කරන්න බෑ..ඔබගේ කැපවීමත් අවශ්‍යය වෙනවා..

අවසාන වශයෙන් නිරෝගී පුද්ගලයෙක් මේ රෝගයෙන් වැලකිලා ඉන්නේ කොහොමද කියන එක බලමු.මේ රෝගය වැලදෙන්න එක නිශ්චිත හේතුවක් නෑ..ඒ නිසා මේ දේ කරන්න කියලා කියන්න බෑ..ඒ උනත් ,

මානසික ආතතිය ඇතිවෙන විදිහේ වැඩ කරන එකෙන් වැලකෙන එක සහ හැකි සෑම විටම මනසට අවශ්‍යය තරම් විවේකය ලබා දීම,

මුල්ම අවස්තාවෙදී මේ රෝගය හදුනා ගැනීම සහ නිසි ප්‍රතිකාර කිරීම

රෝගය සුව වූ පසුත් නියමිත ලෙස ප්‍රතිකාර ක්‍රම පවත්වාගෙන යාම මගින් නැවත ඇතිවීම වලක්වා ගැනීම,

වගේ දේවල් අනුගමනය කිරීම මගින් මේ රෝගයෙන් වැලකෙන්න පුලුවන්..

Comments