විශාදයේ රෝග ලක්ෂණ

 Image result for depression


විශාදය රෝගී තත්වය හේතුවෙන් මානසික වගේම කායික අතුරුපල රාශියක් ඇතිවෙන්න පුලුවන්..ඒ අතරින් ප්‍රධානම දේ ගැන අවදානය යොමු කලහොත්,

ශරීරයේ බර අසාමාන්‍ය ලෙස අඩු වීම හෝ වැඩිවීම - විශාදය නිසා සාමාන්‍යය ආහාර රටාවේ වෙනස්කම් ඇති වෙන්න පුලුවන්.මේත් එක්කම තියන ඊලග අනතුර තමයි මේ විදිහට අසාමාන්‍ය ලෙස ආහාර රටා වෙනස් වෙනවත් එක්කම ස්තූලතාවය,දියවැඩියාව, හදවත් රෝග වගේ රෝග ගනනාවක ආරම්බය සටහන් වෙන එක..

දිගුකාලීන ශාරීරික වේදනා- විශාදය මගින් සමහර විටක මස් පිඩු වේදනා,දිගුකාලීන ශාරීරික වේදනා ,සන්ධි වේදනා ඇති විය හැකියි..මෙය විශාද තත්වය තවත් දරුනු කරනවා..

හදවත් රෝග- විශාදය නිසා ආහාර රටාව වෙනස් වීමත් සමගම හදවත් රෝග ඇති වීමේ අවදානමක්ද තියනවා..ඒ වගේම 2005 දී කරපු සමීක්ශනයකට අනුව හදවත් රෝග තිබුන සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුටම විශාදය වැලදිලා තිබුනා..

ලිංගික සෞඛ්‍යය පිලිබද ගැටලු - විශාද රෝගී තත්වය මගින් පුද්ගලයෙකුට ලිංගික ක්‍රියාකාරකම් වලට තියන උද්‍යෝගමත් බව සම්පූර්නයෙන්ම නැති වෙලා යන්න පුලුවන්..ඒ වගේම ලිංගික ක්‍රියාකාරකම් වල නිරත උනත් එයින් සතුටක් නොලැබෙන්න පුලුවන් නිසා ඒ ගැන ඇති කැමැත්ත සම්පුර්ණයෙන්ම නැති වෙන්න පුලුවන්.

පුද්ගල සබදතා ගිලිහී යාම - මෙම රෝගී තත්වය මගින් සෑම කෙනෙක්ම නුරුස්සනා තත්වයක් ඇති විය හැකි බැවින් පවුලේ සාමාජිකයන්, යහලුවන්, පෙම්වතා/පෙම්වතිය අතහැර දැමීම දක්වා වර්දනය විය හැකියි.එමෙන්ම අදික ලෙස කෝපයට පතිවිය හැකි බැවින් අන් අයගේ අප්‍රසාදයට පත් වී කොන්වීම සිදුවිය හැකියි

නින්දේ අපහසුතා - සාමාන්‍ය ප්‍රමානයට වඩා නිදා ගැනීම හෝ නින්ද නොයෑමද ඇති විය හැකියි..මෙමගින් තවත් රෝග ගනනාවකට මාර්ගය විවර වෙනවා..


මේ Android App එක පාවිච්චි කරලා ඔයාලට පුලුවන් ඔයත් මේ රෝගයට ගොදුරු වෙලාද , එහෙමනම් කුමන අදියරද ඉන්නේ, මොනවද කරන්න ඕනෙ වගේ තොරතුරු දැන ගන්න

Get it on Google Play

Comments